රුසියාව විසින් රසායනික හෝ ජීව විද්‍යාත්මක අවි ප්‍රහාරයක් කුමන මොහොතක හෝ යුක්රේනයට එල්ල කිරීමට සැලසුම් කරමින් සිටිය හැකි බවට ඇමරිකාවේ ධවල මන්දිරය විසින් අනතුරු අඟවා තිබේ.
යුක්රේනයේ ඇමරිකානු ජීව විද්‍යාත්මක අවි රසායනාගාර හා රසායනික අවි සංවර්ධන වැඩපිළිවෙළක් පවතින බවට රුසියාව විසින් එල්ල කරමින් සිටින අභූත චෝදනා එවැනි සැලසුම්සහගත ප්‍රහාරයක් එල්ල කිරීමට මගපාදා ගැනීම සඳහා සිදු කරන ක්‍රියාවක් විය හැකි බව ධවල මන්දිරය සදහන් කරයි.