රතුගල ආදිවාසී ගම්මානයේ පසුගිය රජයෙන් විශාල මුදලක් වැයකරමින් ඉදිකළ කෞතුකාගාරය විවෘත නොකිරීම නිසා මේ වන විට විනාශයට පත්ව තිබෙන බව ආදිවාසී නායක සුදා වන්නියලැත්තෝ පවසති.
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම සංස්කෘතික කටයුතු අරමුදල මඟින් මුදල් වැයකර මෙය ඉදිකර තිබේ.රතුගල ගම්මායේ ආදිවාසීන්ගේ පැරණි උපකරණ ඇතුළු සංස්කෘතියට අදාළ උපකරණ හා භාණ්ඩ ප්‍රදර්ශනය කරමින් ඖෂධ,මී පැණි ඇතුළු ආදිවාසී ජනයාගේ නිෂ්පාදන අලෙවි කරගැනීම සඳහා මෙය ඉදිකර තිබෙන බව කියයි.
මෙම කෞතුකාගාරය දැව හා මානම් යොදාගනිමින් ඉදිකර වසර හතරක පමණ කාලයක් ගතව තිබෙන නිසා විනාශ වෙමින් තිබෙන බවද වන්නියලැත්තෝ පවසති.
ප්‍රසන්න පත්මසිරි ඌව පළාත් සමුහ