පසුගියදා ඉන්දීය හමුදාව විසින් එල්ල කරන ලද මිසයිලයක් පාකිස්ථානයට පතිත වී තිබේ. ඉන්දිය ආරක්ෂක අමාත්‍යාංශය සිද්ධිය පිළිගෙන ඉහළ මට්ටමේ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කළේය.
පකිස්තාන වාර්තා අනුව මිසයිලය ඔවුන්ගේ ගුවන් සීමාවට කිලෝමීටර් 100 කට වඩා වැඩි දුරක් ශබ්දයේ වේගය මෙන් තුන් ගුණයක වේගයෙන් විනිවිද ගියේය.
තාක්ෂණික දෝෂයක් නිසා මෙය සිදුවූ බව ඉන්දියාව පවසයි. සිදුවූ මෙම සිදුවීම හේතුවෙන් ඉන්දියාවට ගැටලුකාරී ප්‍රතිවිපාක අත්විදීමට සිදුවිය හැකි බවට පකිස්ථාන බලධාරීන් දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.
මෙම සිදුවීමෙන් ඉන්දියාවේ තාක්ෂණික දක්ෂතාවය නරක ලෙස පිළිඹිබු වී ඇත.
ඉන්දියාව මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව මෙය සාමාන්‍ය නඩත්තු කටයුත්තක් අතරතුර තාක්ෂණික දෝෂයකින් සිදුවූවක් බව ඊයේ තහවුරු කළේය.
ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය මේ පිළිබඳව ප්‍රකාශයක් කරමින් පිළිබඳ තම කණගාටුව ප්‍රකාශ කර සිටියි.