අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම මගින් අවම වශයෙන් ඩොලර් මිලියන 75 ක පමණ මුදලක් මාසිකව ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර තිබෙනවා.
කෙසේවෙතත් ඒ සදහා භාණ්ඩ වර්ග 600කට වැඩි ලැයිස්තුවක් සදහා බදු වැඩි කරන ලෙසයි මහ බැංකුව යෝජනා කර තිබුණේ. එහෙත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන සීමා කිරීම සදහා බලපත්‍ර පාලනයට මතු කර ඇත්තේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 ක් පමණයි.
මහ බැංකුව විසින් ආනයන පාලනය සදහා යෝජනා කර තිබූ භාණ්ඩ ලැයිස්තුව අනුව මාසිකව අමෙරිකානු ඩොලර් මිලියන 300 ක පමණ මුදලක් විදේශයන්ට ගලා යන බවටයි ඇස්තමේන්තු කර තිබුණේ.