ලෝකයේ විශිෂ්ඨතම ක්රීඩිකාව සම්බන්ධයෙන් විවිධ ආයතන,සංවිධාන,පුද්ගලයින් කරන ලද සියළුම විමසා බැලීම්වලදී සහ පර්යේෂණවලදී සෑම තැනකම දකින්නට ඇති අපූරු ක්රීඩිකාවකි බේබ් ඩිඩ්රික්සන් සහරියාස්.
බේබි ලොව බිහි වූ අති විශිෂ්ඨ ක්රීඩිකාව ලෙස හඳුන්වන්නේ ඇය මලල ක්රීඩා,ගෝල්ෆ්,බාස්කට් බෝල් සහ බේස්බෝල් යන ක්රීඩාවන්ගෙන් දැක් වූ දක්ෂතාවය හේතුවෙන්ය.එහිදී ඇය මලල ක්රීඩාවේ දී ඔලිම්පික් රන් පදක්කම් දෙකකට සහ එක් රිදී පදක්කමකට උරුම කම් ඇත්තියක් විය.
කාන්තා වෘත්තීය ගෝල්ෆ් ලීගයේ විශාල ජයග්රහණ ගණනකට හිමිකම් කියූ ඇය ගෝල්ෆ් ක්රීඩාවේ විශිෂ්ඨයන් අතරට නිල වශයෙන්ම ඇතුළත් ය.1940 සිට 1954 දක්වා වන වසර 14 ක් කාල පරිච්ඡේදයක් ලොව විශිෂ්ඨතම රගර් ක්රීඩිකාවන් ගැටෙන තරගාවලි ගණනාවක ජයග්රහණය ලබන්නට තරම් ඇය දක්ෂ වූවාය.
1953 දී ඇය බඩවැල්වල පිළිකා තත්ත්වයකට ගොදුරු වූවාය.ප්රතිකාර අතර ඒ වේදනාව සමඟම ඇය 1954 දී ඇමෙරිකානු කාන්තා විවෘත ගෝල්ෆ් සූරිය වන්නට තරම් දරා ගැනීමෙන් ඇය පොහොසත්ව උන්නාය.එහෙත් ඇයට 45 විය සපිරෙද්දී 1956 වසරේදී ජීවිතයෙන් නික්ම ගියා ය.ඒ වසර 45 තුළ ඇය තැබූ ක්රීඩා මතක සහ පෙන් වූ හැකියාව අදටත් ලොව එදා මෙදා තුර බිහි වූ විශිෂ්ඨතම ක්රිඩිකාව ලෙස හඳුන්වන්නට ප්රමානවත්ය.