ඩීසල් නොමැති වීමෙන් බහාලුම් ප්‍රවාහන රථ 4000 ක් පමණ තවදුරටත් ධාවනය නොවන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේය.
මේ හේතුවෙන් රටට එදිනෙදා අවශය ආහාර, භාන්ඩ ප්‍රවාහන සේවා සම්පූර්නයෙන්ම ඇන හිට ඇතැයිද මංජුල මහතා කීවේය.
බහාලුම් ප්‍රවාහන රථ 6000 කට ආසන්න සංඛ්‍යාවක් ඇතත් ඉන් ධාවනය වන්නේ 2000කට ආසන්න ප්‍රමාණයක් බවද ඔහු පැවසීය.