ඩොලරයේ මිල පාලනයෙන් ඉවත් වීමටත් ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 230 කට නොවැඩි මට්ටමක් පවත්වා ගෙන යාමටත් ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
ඒ බව සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
සාර්ව ආර්ථික ස්ථායීතාව ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් : විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලී බවක් සඳහා ඉඩ හැරීම
බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථිකයේ මෑත කාලීන ප්රවණතා සැලකිල්ලට ගනිමින්, එවැනි ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2022 මාර්තු 04වන දින පුළුල් ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත්කරන ලදි.