ගෑස් සහ තිරිගු පිටි හිගය හේතුවෙන් මේ වනවිට බේකරි දහසක් වසා දමා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
පවතින තත්ත්වය හමුවේ පාන් ගෙඩියක මිල රුපියල් සියය ඉක්මවනු ඇති බවයි එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.
පවතින අර්බුදකාරි තත්ත්වය හේතුවෙන් බේකරි 1,000කට අධික සංඛ්‍යාවක් මේවන විට වසා දමා ඇති බව ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දුනි.
ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම ද බේකරි කටයුතු පවත්වාගෙන යාමට බරපතළ ගැටලුවක් වී ඇති බව බේකරි හිමියන්ගේ සංගමයේ එන්.කේ. ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.