මහනුවර සිට ඇල්ල දක්වා අද(05) සිට විශේෂ සංචාරක දුම්රියක් ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පෙරවරු 7.00ට මහනුවරින් ගමන් ආරම්භ වන මෙම දුම්රිය පස්වරු 2.20 ට දෙමෝදර දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතයි.
නැවත දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.40 ට ගමන් අරඹන දුම්රිය රාත්රී 9.35 ට මහනුවරට ළඟාවීමට නියමිතව තිබේ.
දේශීය හා විදේශීය සංචාරකයින් අරමුණු කර ගනිමින් මෙම දුම්රිය ධාවයට එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
මෙම දුම්රිය නවත්වනු ලබන සංචාරක ස්ථාන
*හොස්ටේල් දියඇල්ල
*ශ්රී පාද කන්ද
*ශාන්ත ක්ලෙයාර් දියඇල්ල
*එල්ජින් දියඇල්ල
*සමිට් ලෙවල්
*අංක 18 බිංගෙය
*සුළං කපොල්ල (ඉදල්ගස්හින්න – හපුතලේ)
*කිතල් ඇල්ල දියඇල්ල
*ආරුක්කු 9 පාලම
ඉහත ස්ථානයන් වල දුම්රිය විනාඩි 02 – 15 අතර කාලයක් නවත්වනු ලැබේ.