Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

යක්ෂාවේශ පාලකයින්ගෙන් උරුම වන්නේ කරුමක්කාර හෙටක් පමණයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
ඉදිරි පැය කිහිපය තුළ ඒකාන්තවම පරාජයත්,බොහෝ විට සිය මරණයත් දැක දැක මේ මිනිසා නොසැලී සිටී.
එනෙක් පසින් යුධකාමී ලේපිපාසිතයෙකුගේ වගාඩම්බර උද්දච්චකම ඉදිරියේ පවා මේ මිනිසා නොසැලී සිටී.
“අපට යුද්ධයක් අවැසි නැති බව අපි ප්රත්යක්ෂ ව ම දන්නවා. සීතල යුද්ධයක් හෝ උණුසුම් යුද්ධයක් හෝ දෙමුහුම් යුද්ධයක් හෝ අපට අවශ්ය වන්නේ නැහැ. නමුත් සතුරු හමුදා අපට පහර දී අපගේ රට, අපගේ නිදහස, අපගේ ජීවිත, අපගේ දරුවන්ගේ ජීවිත උදුරාගන්නට තැත් කරන්නේ නම් අපි ආත්මාරක්ෂාව සලසාගන්නවා. අප පහර දියත් කරන්නේ නෑ. නමුත් අප ආත්මාරක්ෂාව සලසා ගන්නවා. එබැවින් ඔබ අපට පහර දෙන විට දකිනු ඇත්තේ අපගේ මුහුණයි. අපගේ පසුපස නොව ඉදිරිපසයි.”
පුටින් නැමති යක්ෂාවේෂ මිනිසා ඉදිරිපිට පවා නිවුණු, නමුත් තිර ස්වරයෙන් මිමිනූ මිනිසා ඔහුයි.
“යුද්ධය සුවිසල් ව්යසනයක්. මෙලොව ඇති සෑම දෙයකින් ම ඉහළ ම වන්දියක් ගෙවිය යුතු ව්යසනයක්. මිනිසුන්ට මුදල්හදල්, කීර්තිය, ජීවිතයේ ගුණාත්මක භාවය ඉන් අහිමි වනවා. ඔවුන්ගේ නිදහස ඉන් අහිමි වනවා. නමුත් ප්රධානතම කරුණ නම් මිනිසුන්ට ඔවුන්ගේ ආදරණීයයන් අහිමි වීමයි. ඔවුනට ඔවුන්ම අහිමි වීමයි.”
ඒ අහිමිවීම් සියල්ල ඇස් ඉදිරිපිට දැක දැකත් තමන්ගේ රටේ අවසාන පුරවැසියා වෙනුවෙන් පවා අරගල කරන මිනිසා ඔහුයි.
“ජීවිතය රැකගන්න එන්න” යැයි අවස්ථාවාදී මිතුරා වන අමෙරිකාව ඉල්ලා සිටියදීත්, ඒ ඉල්ලීම් සියල්ල අතහැර සිය ජනතාව සමඟ අවසාන හෝරා කිහිපය ගත කරන මිනිසා ඔහුයි.
“ඕනෑම මොහොතක උදව්වට සිටිනවා යැයි කියා තීරණාත්මක මොහොතේ දී පිටුපා ගිය අවස්ථාවාදී නරුම රටවල පාලකයින් සියල්ල සිය ට්විටර් ගිණුමෙන් ඉවත් කොට ආත්මානුකම්පාව දරාගෙන ටී ෂර්ටයකින් සැරසී ජීවිතය අතට ගෙන සිටින මිනිසා ඔහුයි.
අදින් පසු හෝ හෙටින් පසු පුටින් ලෝකයම අල්ලා ගත්තද,වලොද්මීර් සෙලෙන්ස්කි නැමති මේ ධෛර්යසම්පන්න මිනිසා අභියස පුටින් පරාජිතයෙකි.
වලොද්මීර් සෙලෙන්ස්කි කලක් විකට නළුවෙකි.ඒ විකට නළුවාට තමන්ගේ රට බාර දෙන්නට යුක්රේන වැසියන් වසර කිහිපයකට පෙර තීන්දු කළේය.
” කිසිම කාර්යාලයක මගේ ඡායාරූප එල්ලන්නට එපා.ඒ වෙනුවට ඒ කාර්යාලයේ ඔබේ ඡායාරූපය එල්ලා ගන්න.උදේත් හවසත් ඔබ ඒ ඡායාරූපය දෙස බලන්න.එහෙම බලා මතු පරපුර වෙනුවෙන් ඔබ ඔබේ වගකීම ඉටු ඉටු කළා දැයි හිතන්න”
විකට නළුවා ජනාධිපති වී රටවැසියන්ගෙන් ඉල්ලුවේ එහෙමය.
එහෙව් ජනාධිපතිගේ රට ආක්රමණය කරන පුටින් යනු මහා ඊනියා වීරයෙකි.ඔහු ගැන ඊනියා ප්රශස්ති බොහෝය.
හැබැයි,
අර විකට නළුවා අභියස ඒ මහා වීරයා “හිස් පඹයෙකි”
කාට හෝ වචනයකින් හරි මේ තිරස්චීන යුද්ධය සාධාරණ යැයි කියන්නට හැකි නම් ඔහු වඩාත් කිට්ටු පුටින්ට ය.
මේ යුද්ධය අසාධාරණයැයි කාට හෝ කියන්නට හැකි නම් ඔහු වඩා කිට්ටු සෙලෙන්ස්කි නම් විකට නලුවාට නොවේ.සෙලෙන්ස්කි නම් ධෛර්ය සම්පන්න නායකයාටය.
“ශක්ති සම්පන්න නායකයින් අවශ්යයැයි කියා යක්ෂාවේශ පාලකයින් පත්කර ගන්නවා නම්” උරුම වන්නේ කරුමක්කාර හෙටක් පමණක් බව ලියා තබමි.
උපුටා ගැනීම – සමාජමාධයය
Scroll to Top