Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මහනුවර සිට ඇල්ල දක්වා අද(05) සිට විශේෂ සංචාරක දුම්රියක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මහනුවර සිට ඇල්ල දක්වා අද(05) සිට විශේෂ සංචාරක දුම්රියක් ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පෙරවරු 7.00ට මහනුවරින් ගමන් ආරම්භ වන මෙම දුම්රිය පස්වරු 2.20 ට දෙමෝදර දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතයි.

නැවත දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.40 ට ගමන් අරඹන දුම්රිය රාත්‍රී 9.35 ට මහනුවරට ළඟාවීමට නියමිතව තිබේ.

දේශීය හා විදේශීය සංචාරකයින් අරමුණු කර ගනිමින් මෙම දුම්රිය ධාවයට එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
මෙම දුම්රිය නවත්වනු ලබන සංචාරක ස්ථාන

*හොස්ටේල් දියඇල්ල
*ශ්‍රී පාද කන්ද
*ශාන්ත ක්ලෙයාර් දියඇල්ල
*එල්ජින් දියඇල්ල
*සමිට් ලෙවල්
*අංක 18 බිංගෙය
*සුළං කපොල්ල (ඉදල්ගස්හින්න – හපුතලේ)
*කිතල් ඇල්ල දියඇල්ල
*ආරුක්කු 9 පාලම

ඉහත ස්ථානයන් වල දුම්රිය විනාඩි 02 – 15 අතර කාලයක් නවත්වනු ලැබේ.

Scroll to Top