Aboutceylon Online

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හදිසියේම ගත් තීරණය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාවේ සිටින යුක්රේන හා රුසියානු ජාතිකයන්ගේ වීසා දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ 2022.02.21 දින වන විට වලංගු සංචාරක වීසාවක් පැවති, රුසියානු සහ යුක්රේන ජාතික සංචාරකයින්ගේ වලංගු වීසා කාලය එදින සිට මාස 02 කාලයක් දක්වා ගාස්තු අය කිරීමකින් තොරව දීර්ඝ කොට ඇති බවයි.

තවද, එම සංචාරකයින් නැවත සිය රටවල් වෙත ආපසු යාමේදී කිසිදු බාධාවකින් තොරව මෙරට ගුවන් තොටුපලවල් වලින් පිටවීම සදහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Scroll to Top