Aboutceylon Online

රුසියා-යුක්රේන සාම සාකච්ඡා විසඳුමකින් තොරව නිමාව වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රුසියාව සහ යුක්රේනය අතර උද්ගත වූ යුදමය තත්ත්වය අවසන් කිරීමේ අරමුණින් පෙරේදා බෙලරුස් රාජ්‍යයේ මැදිහත් වීම මත එරට දේශසීමාව අසලදී සිදු වූ සාම සාකච්ඡා විසඳුමකින් තොරව නිමාවට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සටන් විරාමයක් ඉල්ලා සිටියද යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කිගෙන් කොන්දේසි රැසක් ඉදිරිපත් වීම ඊට බලපෑ බව වැඩි දුරටත් වාර්තා වේ.

රුසියාව සිය හමුදාව යුක්රේනයෙන් ඉවත් කරගත යුතු බවත්, රුසියානු හමුදාව ආයුධ බිම තැබිය යුතු බවත් ප්‍රකාශ කර තිබිණි.

යුක්රේනයට යුරෝපා සංගමයේ සාමාජිකත්වය හිමි විය යුතු බවට ද කොන්දේසියක් ඉදිරිපත් කර තිබිණි.

කෙසේ වෙතත් දෙවැනි වටයේ සාකච්ඡාවක් සඳහා දෙපාර්ශ්වයෙම නියෝජිතයන් අතර එකඟතාවක් පළ වූ බව ද වාර්තා වේ.

Scroll to Top