Aboutceylon Online

රුසියානුවන් පන්දහසක් යුක්රේනයේදී මරුට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රුසියාව විසින් යුක්‍රේනය තුල හමුදා මෙහෙයුම් ආරම්භ කර ගතවන හයවන දිනය අදයි. මේවනවිට දෙපාර්ශවය අතර දරුණු ගැටුම් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුක්‍රේනයේ කිව් අගනුවර හා කාකිව් නගරය අල්ලා ගැනීම රුසියාවේ අරමුණ වී තිබෙනවා.

එල්ල කළ ප්‍රහාර හමුවේ පාසලක්, සාප්පු සංකීර්ණයක් ඇතුලු ගොඩනැගිලි රැසක් විනාශ වී තිබෙනවා. ප්‍රහාරවලින් සිවිල් වැසියන් 10 දෙනෙකු ද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් යුක්‍රේනය පැවසුවේ ගැටුම් හමුවේ මේවනවිට රුසියානු සොල්දාදුවන් 5,300 ක් පමණ මිය ගොස් ඇති බවයි. ගැටුම් හේතුවෙන් සිය පාර්ශ්වයට හානි සිදුව ඇති බව රුසියාව ද පළමු වරට පිලිගෙන ඇති නමුත් සිදුව ඇති හානි මොනවාද යන්න ප්‍රකාශ කර නැහැ.

Scroll to Top