රුසියානු හමුදා කියෙව් නගරය වට කර තිබුණත් යුක්රේන හමුදාව තම ජනතාව සමග එකතු වී කියෙව් අගනුවර සාර්ථකව ආරක්ෂා කරගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
මේ අතර කියෙව් නගරයට රුසියානු මිසයිල ප්‍රහාර එල්ලවමින් තිබෙන අතර ඉතිරි කිලෝමීටර් 20 ක දුර යෑම සඳහා කියෙව් නගරය වටකර ඇති රුසියානු හමුදාවට එකවර ඉදිරියට යන ලෙස අණ ලැබී ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.
රුසියානු සොල්දාදුවන් 3500 දෙනකු මේ වන විට මරණයට පත් වී ඇති බව යුක්රේන බලධාරීන් පවසන අතර යුක්රේනුවන් 198 දෙනකු මියගොස් 1115 තුවාල ලබා ඇති බව පවසයි.