යුක්රේනයේ සිදුකරනු ලබන යුද මෙහෙයුම් හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදීමිර් පුටින් හට කිසිදු දේශපාලන ජයග්රහනයක් හෝ එරට ජනතාව හමුවේ ජනප්‍රියතාවයක් ලැබෙන බවට සහතික කළ නොහැකි බව බ්‍රිතාන්‍යයේ MI6 බුද්ධි අංශයේ ප්‍රධානි රිචර්ඩ් මුර් පවසනවා.
යුක්රේනයේ යුද ශක්තිය පිළිබඳව අවතක්සේරුවට ලක් කිරිම සහ අක්‍රමවත් යුද සැලසුම හේතුවෙන් රුසියානු හමුදාවන්ට ඇතැම් විට යුක්රේනය හමුවේ දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවයි බ්‍රිතාන්‍යය බුද්ධි අංශ ප්‍රධානියා සඳහන් කර සිටින්නේ.
මේ අතර යුක්රේන හමුදා ප්‍රහාර හමුවේ රුසියානු යුද ටැංකි ඇතුළු වාහන 20කට අධික ප්‍රමානයක් කාර්කිව් පළාතේ ගිනි ගෙන විනාශ වී ඇති අයුරු දැක්වෙන වීඩියෝ පෙලක් මේ වන විට හුවමාරු වෙමින් පවතී.
මේ අතර ජේෂ්ඨ අමෙරිකානු නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ රුසියානු භට පිරිස් වෙත යුක්රේන ප්‍රහාර හමුවේ සැලකිය යුතු හානියක් සිදුව තිබෙන බවයි.
යුක්රේනයට යුධෝපකරණ සහ ඉන්ධන ලබාදීමට ප්‍රංශය සහ ජර්මනිය තීරණය කර තිබෙනවා.
යුක්රේනයට ඩොලර් මිලියන 350 ක යුද ආධර ලබාදෙන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.
රුසියාව ස්වීඩනය සහ ෆින්ලන්තය යන රටවලට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. නේටෝ සංවිධානය සමඟ එක්වීමට එම රටවල් තීරණය කළහොත් ඔවුන්ට දේශපාලනික මෙන්ම යුදමය වශයෙන් බරපතල ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවටයි රුසියාව ප්‍රකාශ කර ඇත්තේ.