අද දිනයේත් පැය 4 කට අධික කාලයක් විදුලිය කප්පාදු කිරීමට සැලසුම් කර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය සිදු කළ ඉල්ලීමට අනුව මහජන උපයෝගීතා කොමිසම ද ඒ සඳහා අනුමැතිය ලබාදී තිබේ.
මේ අනුව A B හා C කලාප සඳහා පැය 4 යි විනාඩි 40 කුත් සහ අනෙකුත් කලාපවලට පැය 4 යි විනාඩි 30 කුත් විදුලිය කප්පාදු කරනු ඇත.
විදුලිය විසන්ධි කිරීම පෙරවරු 8.30 ට ආරම්භ වන අතර, එය කලාප වශයෙන් රාත්රී 10.30 දක්වා ක්රියාත්මකයි.
ඒ අනුව ඒ කලාපයට පෙරවරු 8.30 සිට 11.10 දක්වා සහ පස්වරු 4.30 සිට 6.30 දක්වා විදුලිය විසන්ධි කෙරේ.