ඇමෙරිකානු බුද්ධි අංශ හෙළි කළේ රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීමේ සැලසුම් සකස් කර අවසන් බව විදසේ මාධ්‍යය සදහන් කර සිටී. මෙම දැවැන්ත ආක‍්‍රමණය සඳහා රුසියාව 190,000ක සේනාවක් සූදානම් කර තිබේ.
කොයි මොහොතේ හෝ යුක්රේනයට බෝම්බ දැමීම සඳහා ප‍්‍රහාරක යානා සහ බෝම්බ යානා 500ක් ද රුසියාව සූදානම් කර ඇතැම් ඇමෙරිකානු බුද්ධි අංශ කියා සිටියි.
රුසියානු යුද ටැංකියවල ඉසඞ් අකුර පින්තාරුකර ඇති අතර එම යුද ටැංකි යුක්රේනය දෙසට යන බවට හෙළි වී ඇත.
මේ පසුබිම මැද රුසියානු ජනපති පුටින් පැවසුවේ යුක්රේනය ප‍්‍රකෝපකාරී ක‍්‍රියා සිදු කරන බවයි.
මේ ආක‍්‍රමණය සිදු වූවොත් එය 1945න් පසු සිදුවන විශාලතම යුද්ධය වේ. මේ ගැන වාර්තා වූ විගස ආක‍්‍රමණයට පෙර වහාම ක‍්‍රියා කරන ලෙස යුක්රේනය බටහිර රටවලට ආයාචනය කර තිබේ.
යුක්රේනය ආක‍්‍රමණය කළහොත් ලන්ඩන් නුවර ඇති රුසියානු තෙල් සමාගම් සහ වෙනත් සමාගම්වලට ඩොලර් සහ ස්ටර්ලින් පවුම් කපා හරින බව බි‍්‍රතාන්‍ය අගමැති බෝරිස් ජෝන්සන් තර්ජනය කර ඇත.
මේ වනවිට රුසියානු යුද්ධ ටැංකි සමූහයක් යුක්රේන දේශසීමාවේ ස්ථානගත වී තිබේ. මෙයට අමතරව යුද වාහන 200ක් යුක්රේන දේශසීමාව වෙත ඇදෙන බව ද වාර්තා වී තිබේ.