Aboutceylon Online

අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදිම සම්බන්ධයෙන් අන්තර් අමාත්‍යංශ කමිටුවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

භාණ්ඩ සුලභ කර මිල පාලනය කිරිමට රජය සුදානම් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසිය.
භාණ්ඩ සුලභ කර මිල පාලනය කිරිමට රජය සුදානම් බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසිය.

රාජ්‍ය අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ (20) දින තලවකැලේ මැදකුඹුර වතුයායේ වතු කම්කරු පවුල් සදහා රු 80 බැගින් මසකට තිරිගු පිටි කිලෝ 15 ක් ලබාදිමේ නිල උත්සවයට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ලසන්ත අලගියවන්න මහතා කියා සිටියේ

මුළු ලෝකයම මේ අවස්තාවේ මුහුණ දිලා තියෙන තත්ත්වය හමුවේ පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා කියලා අපි පිලිගන්නවා.

පසුගිය කාල සිමාව තුලදි ගැස්, කිරිපිටි , සිනි , හාල් , සිමෙන්ති වල හිගයක් සහ මිල වැඩි විමක් සිදු වුණා .

වර්තමානය වන විට සිනි සහ සහල් වල මිල පාලනය සහ හිගකම නැති වෙලා තියෙනවා.

ගැස් සම්බන්ධයෙන් වුණත් හිගය අඩුයි , එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදිම සම්බන්ධයෙන් අන්තර් අමාත්‍යංශ කමිටුවක් මුදල් අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් පත් කරලා තියෙනවා.

ඇතැම් ව්‍යාපාරිකයන් මේ තුලින් ලාභ ඉපයිම සදහා හිගයක් මවා පවා මුදල් උපයනවා , පාරිභෝක අධිකාරිය විදිහට අපි විශේෂ වැටලිම සහ විමර්ෂණ සිදු කරලා ඒවා පාලනය කරනවා.

භාණ්ඩ සුලභ කරලා මිල පාලනය කිරිමට අපි සුදානම් වෙනවා.

ආණ්ඩු අස්සේ කොහොමත් ප්‍රශ්න තියෙනවා ඒක සමාන්‍යයි, සන්ධාන අතර ප්‍රශ්න තියෙනවා.

එම ගැටළු විසදිම ප්‍රධාන පක්ෂයේ නායකයා මුලික කරගෙන සිදු කරන්න ඕනි කියලා අපි මතක තබාගත යුතුයි. යනුවෙන් පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top