Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි උපදෙස් මාලාවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස සියලු රාජ්‍ය ආයතන වෙත උපදෙස් මාලාවක් නිකුත් කිරීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පිට පළාත්වල සිට සාකච්ඡා හා සම්මන්ත්‍රණ සඳහා රජයේ වාහන භාවිත කර නිලධාරීන් කොළඹට කැඳවීම මේ වනවිටත් සීමා කර ඇති බවත් රාජ්‍ය ආයතනවල වායුසමීකරණ හා අනවශ්‍ය විදුලි පහන් භාවිතය හැකිතාක් අවම කිරීමට උපදෙස් දුන් බව ඔහු ප්‍රකාශ කළේ ය.

අත්‍යවශ්‍ය නොවන ගමන් සඳහා රජයේ වාහන සඳහා ඉන්ධන භාවිත නොකරන ලෙසට ද උපදෙස් දී තිබේ .

Scroll to Top