මිට දින කිහිපයකට පෙර අමෙරිකාව පැවසූ ආකාරයට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් න්‍යෂ්ටික මිසයිල පෙරහුරු අභ්‍යාසයක් සිදුකිරීමට සිය හමුදාවන් වෙත නියෝග ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
මෙම සිදුවීමත් සමග අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ප්‍රකාශ කළ ආකාරයට රුසියාව ඉදිරි දින කිහිපය තුලදී යුක්රේනය ආක්‍රමණය කිරීමේ මෙහෙයුම් ආරම්භ කරනු ඇති බවට යුද විශ්ලේෂකයින් අනතුරු අඟවා සිටියි.
පැරණි සෝවියට් සමුහාණ්ඩුව සහ අමෙරිකාව අතර ඇතිවූ “ශිත යුද්ධයෙන්” පසුව ඇතිවිය හැකි දරුණුම යුද්ධයක පෙර නිමිති මේ වන විට මතුවෙමින් ඇති බවයි බටහිර රටවල ජනතාව බිය පළකර සිටින්නේ.
අමෙරිකා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පැවසුවේ රුසියානු හමුදාව මේ වන විට යුක්රේන දේශසීමාව ආසන්නයටම පැමිණ ස්ථාන ගතවීමට පටන් ගෙන ඇති බවයි.