Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

චීන ගුවන් යානා තායිවාන දේශසීමාවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට චීනය නොකඩවා තායිවාන ගුවන් සීමාව උල්ලංගනය කරමින් දැඩි තර්ජනයක් එල්ල කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේ පසුගියදා චීන සිවිල් ගුවන් යානයක් තායිවාන දේශ සීමාවට ඉහළින් පියාසර කිරීමත් සමඟය.

තායිවානයට අයත් දූපතකට ඉහළින් පියාසර කළ බව කියන මේ කුඩා චීන සිවිල් ගුවන් යානය පිළිබඳ තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයක් සහිත මේ කුඩා රාජ්‍යය යුද උණුසුමකට ඇද ගැනීමට චීනය සිවිල් ගුවන් යානා භාවිත කරමින් නව උපාය මාර්ගයක් උත්සාහ ගනිමින් සිටින බව ද එම නිවේදනයේ සඳහන් වී ඇත.

මෙවැනි උපක්‍රම භාවිත කරමින් තායිවානයේ ඉවසීම පරීක්ෂා කිරීමේ චීන අරමුණ වී ඇත්තේ එවැනි පසුබිමකදී සිය හමුදා ශක්තිය යොදා තායිවානය ආක්‍රමණය කිරීමට බව ද කියැවේ.

චීනය විසින් දිගින් දිගටම තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කිරීමේදී තායිවානය විසින් ඊට ප්‍රතිචාර දක්වනු ලැබූ අවස්ථාවක නිසැකවම මේ ආක්‍රමණය සිදුවනු ඇතැයි ද අනාවැකි පළ වී තිබේ.

Scroll to Top