රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි දියඇළි වල ජලය මේ වනවිට සියයට හතලිහකින් පමණ සිදී ගොස් ඇති බැව් රත්නපුර දිස්ත්‍රික් දියඇලි සංගමය පෙන්වා දෙයි.
රත්නපුර දිස්ත්‍රික්කය පුරා දියඇළි 116ක සංඛ්‍යාවක් පිහිටා තිබේ. මේ වනවිට බොහොමයක් දියඇළි ගමන් මගද වෙනස් වෙමින් පවතී.
බොහෝ දියඇළි ආශ්‍රිතව සියයට 20ක ප්‍රමාණයකින් පුද්ගලයන් ප්‍රජා ජල ව්‍යාපෘති තුළින් පානීය ජලය සඳහා බට යොදාගනිමින් ජලය ලබාගැනීම නිසා හා ජල විදුලිය සඳහා ජලය ලබාගැනීම නිසාවෙන්ද ජලය අඩුවීමේ තත්ත්වයකට පත්ව තිබේ.