සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ 9 වන ජාතික සම්මේලනය ඊයේ (16) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ජාතික සම්මේලනයට සමගාමීව ‘හරිත ගුරුවරයා’ වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපතිවරයා අතින් සිදු වූ බවයි.
මීට අමතරව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ 9 වන ජාතික සම්මේලනය සහ වාර්ෂික නිලවරණය පැවති අතර සහ සංගමයේ හිටපු සභාපතිවරුන් සිව් දෙනෙකුට සහ එක් සාමාජිකයෙකුට සමරු තිළිණ පිරිනැමීම ද එහිදී සිදු කෙරිණ.
විශ්වවිද්‍යාල මහාචාර්යවරු, කථිකාචාර්යවරුන් , වෘත්තීයවේදීන් , රජයේ පාසල්වල ගුරුවරු ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන 3,500කට ආසන්න පිරිසක් මෙහි සාමාජිකත්වය දරන සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය (APLA) පිහිටුවා ඇත්තේ, 2004 වසරේදී ය.