Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රටවල් රැසක් සිය රටවැසියන්ට යුක්‍රේනයෙන් ඉවත් වන ලෙස දැනුම් දෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

යුක්‍රේන අර්බුදය තවදුරටත් උණුසුම් කරමින් රටවල් රැසක් සිය රටවැසියන්ට යුක්‍රේනයෙන් ඉවත් වන ලෙස දැනුම්දී තිබෙනවා.

රුසියානු හමුදා සාමාජිකයින් ලක්ෂයක් පමණ යුක්‍රේන දේශසීමා ආසන්නයේ රැඳවීමත් සමඟයි. රුසියාව විසින් යුක්‍රේනය පැති 03 කින් වට කර ඇති බවයි විදෙස් මාධ්‍යන්හි දැක්වෙන්නේ.

ඉදිරි පැය 48 තීරණාත්මක බැවින් රුසියාව සමඟ සාකච්ඡා පැවැත්වීමට යුක්‍රේනය සූදානම් වන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

යුක්‍රේනය පවසන්නේ රුසියාවේ මීළඟ පියවර පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවයි.

රුසියාව විසින් යුක්‍රේනයට ඕනෑම මොහොතත පහරදිය හැකි බව අමෙරිකාව ඇතුලු රටවල් දැනටමත් පවසා තිබෙනවා.

Scroll to Top