Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මාස 03 ක් විදුලිය කැපෙයි ද?

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පවතින විදුලි අර්බුදය හමුවේ විදුලි කප්පාදුවක් සිදු කිරීම පිළිබඳව අවසන් තීන්දුව අද ගැනීමට නියමිතව තිබේ.

එළැඹෙන බදාදා (හෙට) සිට අප්‍රේල් මාසය අවසන් වන තුරු දිවයින පුරා විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඊයේ (14) සවස දැනුම් දී ඇත.

ජල විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ජලය අවමවීම සහ ඉන්ධන අවම වීම නිසා මෙවැනි ගැටලුවක් නිර්මාණය වී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එම නිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Scroll to Top