මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වියලි කාලගුණ තත්ත්වයත් සමග ජල විදුලි උත්පාදනය සදහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජලධාරිතාව තවදුරටත් පහල බැස ඇති බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.
කාසල්රි ජලාශයේ ජලාශ වේල්ලේ උස මට්ටම අඩි 155 වන අතර එහි ජල මට්ටම අඩි 118 දක්වා පහල බැස ඇති බවත්, මවුස්සාකැලේ ජලාශ වේල්ලේ උස මට්ටම අඩි 120 වන අතර එහි ජල මට්ටම අඩි 75 දක්වා (15) දින අලුයම 6 වන විට පහල බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් කියා සිටියේ.
දැනට ජලාශයන් දෙකෙහිම දැනට ඉතිරිව තිබෙන ජල ධාරිතාව පානිය ජලය සදහාද රදවා ගනිමින් ජල විදුලි උත්පාදනය සදහා භාවිතා කරන බවත්, එම ජලාශ දෙකෙන්ම ලබා ගන්නා ජලයෙන් විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සිදු කරන බවයි විදුලි බලාගාර ඉංජිනේරුවන් කියා සිටියේ.
හැටන් – රංජිත් රාජපක්ෂ