සමෘද්ධි ලාභින් වෙනුවෙන් රජය මගින් වැඩිකල 28% සමෘද්ධි දිමනාව ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි ලාභින්ට නිල වශයෙන් ලබාදිම නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් දික්ඔය නගර සභා ශාලාවේදි සිදු කෙරිණ.
ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සැම සමෘද්ධි වසමකම සමෘද්ධි ලාභින් පස් දෙනෙකු බැගින් නගර සභා ශාලාව වෙත කැදවා එම දිමනාව නිල වශයෙන් මන්ත්‍රිවරයා විසින් ලබාදෙන ලදි.
ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සෙසු සමෘද්ධි ලාභින්ට අදාල දිමනාව සමෘද්ධි වසම්වලට ගොස් ලබාදිමට පියවර ගෙන ඇත.
මෙම අවස්තාවට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් සිතාරා රුවනි ගමගේ මහත්මිය ඇතුළු හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන්,නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් යන මහතුන්ද සහභාගි විය.
හැටන් – රංජිත් රාජපක්ෂ