රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ක්රියාත්මක කරමින් තිබූ වැඩවර්ජනයට එරෙහිව නිකුත් කර ඇති අධිකරණ නියෝගය හේතුවෙන් වර්ජනය අත්හිටුවු බව රජයේ හෙද ධාරීන්ගේ සංගමය සභාපති සමන් රත්නප්රිය මහතා පවසයි.
සෙසු වෘත්තීය සමිති අඛණ්ඩ වර්ජනයේ නිරත වන බවත් රජයේ හෙද ධාරීන්ගේ සංගමය පවසයි.
දිනය හයක් තිස්සේ පැවැති හෙද වර්ජනය නිසා රෝගීහු දැඩි අපහසු තාවයට පත් වූහ. වැඩවර්ජනය අත්හිටුවන්නැයි කොළඹ දිසා අධිකරණය පසුගිය බ්රහස්පතින්ද වාරණ නියෝගයක් නිකුත් කළේය.