කරදර දෙකක් එක විට පැමිණෙන විටදී අප විසින් අලි මදිවට කොටි යනුවෙන් පවසන වදනක් අප අතර පවතී.
මෙම වචනය සැබෑ කරමින් දෛනිකව බුත්තල කතරගම මාර්ගයේ ගමන් ගන්නා රථවාහන රියැදුරන් තවත් අකරතැබ්බයකට ලක්වෙමින් පවතී.
රාජකාරි කර යතුරුපැදි මතින් යන එන පුද්ගලයන් කීපදෙනකු වෙත මෙම දිවියන් රාත්රී කාලයේ දී පැන ඇති අතර ඔවුහු අනූ නවයෙන් බේරී ඇත.
මුවන්, මී ගවයන් වැඩි ප්රමාණයක් මෙම ප්රදේශයේ සැරිසැරීමත්, ඇතැම් මාලු විකුණන යතුරුපැදිකරුවන් ඉතිරි වන මාළු වනයට මුදාහැරීමත් නිසා දිවියන්ගේ සැරිසැරීම මෙම ප්රදේශයේ වැඩිවී ඇත.
මේ වනවිටත් මෙම මාර්ගයේ සිටින ඇතා විසින් දිනපතා රථවාහන වෙත පහරදෙන බැවින් යන එන පිරිස් දැඩි කල්පනාකාරීව යන එන ලෙස වනජීවී නිලධාරින්ද දැනුම් දෙති.