වහාම ක්‍රියාත්මකවන පරිදි සෞඛ්‍ය වෘත්තිකයින්ගේ වර්ජනය අත්හිටුවන ලෙස රාජ්‍ය හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාට කොළඹ දිසා අධිකරණය නියෝග කළේය.
අධිකරණයෙන් නිකුත් කෙරුණු වාරණ නියෝගය මෙතෙක් තමන්ට ලැබී නොමැති බැවින් සිය වර්ජනය අඛණ්ඩව සිදු කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.
කෙසේවෙතත් එම වාරණ නියෝගය තමන් වෙත ලැබුණහොත් නීතීඥ උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි එම සම්මේලනය සදහන් කරන්නේ.