Aboutceylon Online

වි ගොවියාට පමණක් නොව උඩරට පහතරට එලවළු වගා ගොවින්ටද වන්දි මුදල් ගෙවිය යුතුයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වි ගොවියාට පමණක් නොව උඩරට පහතරට එලවළු වගා ගොවින්ටද වන්දි මුදල් ගෙවිය යුතු බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියයි.

රජය මගින් ගොවිතැනේදි පාඩු ලැබු වි ගොවියාට වන්දි ලබාදිමේ වැඩසටහනක් දියත් කර ඇති බවත්, එම වන්දි මුදල ගොවිතැනේදි පාඩු ලැබු උඩරට සහ පහතරට එලවළු ගොවියා ඇතුළු සියළුම ගොවින්ටත් ලබාදිය යුතු බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

මාධ්‍යට (08) දින විශේෂ ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ වි ගොවිතැනේදි අස්වැන්න අඩු වු ගොවින්ට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ රජයේ මැදිහත්විමක් මත වන්දි මුදල් ලබා දිමට කටයුතු කිරිම අගය කල යුතු කරුණක් බවයි.

ගොවින්ව කාබනික පොහොර වගාවට යොමු කිරිම හමුවේ උඩරට සහ පහතරට එලවළු වගා කරන කුඩා පරිමාණ ගොවින්ද අස්වැන්න අඩුවිම නිසා ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි ඇති බැවින් එම ගොවින් සම්බන්ධයෙන් සොයාබලා වි ගොවියාට ලබාදෙන වන්දි මුදල සේම එලවළු ගොවියාටද අදාල වන්දි මුදල ලබාදිමට රජය පියවර ගත යුතු බවයි අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටින්නේ.

එලවළු වගාව සදහා භාවිතා කරන රසායනික පොහොර , කෘෂි රසායනික ද්‍රව්‍ය මිල ඉතා අධික ලෙස ඉහල යාම හමුවේ ගොම පොහොර මිලද ඉහල ගොස් ඇති බවයි.

අධික මුදලක් වැය කරමින් එලවළු වගා කලද අස්වැන්න අඩුවිම නිසා එලවළු ගොවින් තවදුරටත් අසරණ වි ඇති බවත්, එවන් තත්ත්වයක් මත වෙලදපොලේ ඇතැම් එලවළු මිල ඉහල ගොස් ඇති බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

මේ අතර නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගා ගොවින්ද රජයෙන් ඉල්ලා සිටින්නේ තමන්ට වි ගොවින්ට ලබාදෙන සේම වන්දි මුදලක් තමන්ටද ලබාදෙන ලෙසයි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top