රට පුරා රෝහල්වල වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 5000 කට ආසන්න පිරිසකට කොවිඞ් ආසාදනය වී ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය මහතා පැවැසීය.
ඒ අතරින් හෙද නිලධාරීන් 1000 කට අධික පිරිසකට කොවිඞ් ආසාදනය වී ඇතැයි ද හෙතෙම කීය.
එසේම කොළඹ ජාතික රෝහලේ පමණක් හෙද නිලධාරීන් 170 කට අධික පිරිසකට කොවිඞ් ආසාදනය වී ඇතැයිද ඒ මහතා කියා සිටියේය.
මෙහිදී තවදුරටත් කතා කළ සමන් රත්නපි‍්‍රය මහතා මෙසේද කීය.
‘‘රට පුරා රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 5000 කට විතර කොවිඞ්. බොහෝ දෙනා ආරක්ෂිත ඇඳුම් කට්ටල නැතිවයි සේවය කරන්නේ. ඒ පහසුකමක් වත් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් දැන් කි‍්‍රයා කරන්නේ නැහැ. තව ගැබිනි මවුවරුන් සේවයට කැඳවලා තියෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව ගැන සෞඛ්‍ය බලධාරීන් දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලක්.’