2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද(07) ආරම්භ වෙයි.
විභාගය මාර්තු 5 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.
විභාග මධ්‍යස්ථාන 2,438 කදී , මෙවර විභාගය පැවැත්වෙන අතර ඒ සඳහා ඉදිරිපත් වන අයැදුම්කරුවන් ගණන 345,242 කි.
ඊට පාසල් අයැදුම්කරුවන් 279,141 ක් ඉදිරිපත් වේ.
පෞද්ගලික අයැදුම්කරුවන් 66,101 දෙනෙකු පෙනි සිටීමට නියමිත ය.
කොවිඩ් ආසාදිත දරුවන් වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් රෝහල් ආසන්නයේ විශේෂ මධ්‍යස්ථාන විසි නවයක් පිහිටුවනු ලැබ ඇත.
ආසන්න දින හතක් ඇතුළත වයිරසය ආසාදිත වූ දරුවන් රෝහලේ හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව සිට විභාගයට පෙනී සිටිය යුතු වන අතර එවැනි දරුවන්ට සිය ප්‍රවේශ පත්‍රයේ සඳහන් මධ්‍යස්ථානය අදාළ නොවන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පැවසීය.