Aboutceylon Online

විදුලිය නාස්ති කළොත් කප්පාදුවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත නොකර නාස්තිකාර ලෙස කටයුතු කළොත් ඉදිරියේදී විදුලි කප්පාදුවක් විය හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේය.

විදුලි සැපයුම පිළිබඳ අභියෝගයක් එල්ල වී ඇති මෙවැනි අවස්ථාවක එය කළමනාකරණය කර ගැනීම සඳහා විදුලි පාරිභෝගිකයාගේ සහාය අත්‍යවශ්‍ය බව ද හෙතෙම කීවේය.

විදුලි පහන් සීමා කිරීම, වායු සමීකරණ යන්ත්‍ර භාවිතය අරපිරිමැස්මෙන් කිරීම, වීථි ලාම්පු දැල්වෙන කාලය සීමා කිරීම වැනි පාරිභෝගික සහාය ඇතිව කළ හැකි දැඩි සංරක්ෂණ ක්‍රියාමාර්ගයක් කොමිසම මඟින් යෝජනා කර තිබෙන බවත් රත්නායක මහතා කීවේය.

එමඟින් පමණක් දිනකට ගිගාවොට් පැය 3.7ක ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි බවට ගණන් බලා ඇතැයි ද ඒ අනුව මෙගා වොට් 150ක ඉන්ධන බලාගාරයක් පැය 24කට අක්‍රිය කළ හැකි බව ද ඒ මහතා පැවසුවේය.

Scroll to Top