ඔමික්‍රෝන් ව්‍යාප්තියත් සමග පසුගිය සතියට සාපෙක්ෂව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 30% කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේ කොරෝනා හේතුවෙන් මිය යන පුද්ගලයින් සංඛ්‍යාව ද 8%ත් 10%ත් අතර අගයකින් ඉහළ ගොස් ඇති බවය.
තවත් කොරෝනා මරණ 29 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබේ.
මේ අතර , තවත් කොරෝනා ආසාදිතයින් 1,243 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි .