Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

74 වැනි නිදහස් සැමරුම අදයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

74 වන අභිමානවත් නිදහස් දිනය අදට (04) යෙදී තිබේ.

මෙවර එහි තේමාව ”අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක්” යන්නයි.

මෙවර ජාතික නිදහස් දිනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේදී පැවැත්වේ.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වෙමින් ජාතියේ අභිමානය සහ ශ්‍රී විභූතිය විදහා දක්වන පරිදි සැමරුම් උත්සවය සැලසුම් කර ඇතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ ය.

සැමරුම් උළෙලේදී ගුවන් හමුදා සංදර්ශනයක් පැවැත්වෙන අතර ඊට ගුවන් යානා 26ක් යොදාගන්නා බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පැවසුවා.

නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී දේශය වෙනුවෙන් ආචර වෙඩි මුර 25ක් පිරිනැමීම දහවල් 12ට සිදුකරන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සඳහන් කළා.

උත්සවයේ ආරක්ෂක කටයුතු සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ 3,000ක් පමණ පිරිසක් යොදවා ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවා.

එළඹි තිබෙන්නේ අභියෝග මතින් එක්ව නැගි සිටිය යුතු කාලයක් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ , 74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමිනි.

සිය නිවේදනය මගින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ එකිනෙකාට ගරු කරන, අනෙකාගේ පැවැත්මට බාධා නොකරන සමාජ පරිවර්ථනයක් තුළින් නිදහසේ අරුත තවදුරටත් පුළුල් කර ගත හැකි යැයි තමා විශ්වාස කරන බව ය.

දේශපාලන, ආර්ථික, සමාජ සංස්කෘතික, ආගමික, මාධ්‍ය යනාදි සකල විද අභ්‍යන්තර නිදහස, ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සුරක්ෂිත කිරිම අවශ්‍යයෙන්ම කළ යුතු බව 74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිඩිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අවස්ථාවාදය සහ බලලෝබිත්වය කරපින්නා ගත් පටු චින්තනය ඉවත් කොට සැබෑ කැපවිමකින් මාතෘ භුමියේ චිර පැවැත්ම වෙනුවෙන් ප්‍රායෝගික න්‍යාය පත්‍රයක පිහිටුවා කටයුතු කිරීම මේ මොහොතේ පළමු ,දෙවන සහ තෙවන ප්‍රමුඛතාවන් විය යුතු බව විපක්ෂ නායකවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන් වේ.

Scroll to Top