සම්පූර්ණ විදුලි බලයෙන් පියාසර කළ හැකි ලොව පළමු වරට නිපදවූ ගුවන් යානය සිය පළමු පියාසැරිය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කරයි.
“ඇලිස්” ලෙස නම් කර ඇති මෙම ගුවන් යානය ඊශ්රායලයේ නිෂ්පාදනයක්. විදුලි මෝටර් රථයක හා ජංගම දුරකතනයක බැටරි තාක්ෂණයට සමාන තාක්ෂණයකින් නිෂ්පාදනය කර ඇති මෙම ගුවන් යානය විනාඩි 30 ක් ආරෝපණය කිරීම ප්රමාණවත්වීම විශේෂත්වයක් වනවා. මගීන් නව දෙනෙකු සහ නියමුවන් දෙදෙනෙකු ද සමඟ පැයයි විනාඩි 40 ක පියාසැරියකට එය ප්රමාණවත්.