වෙළඳපොලේ කඩදාසි මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.
ගෝලීය තත්ත්වය සහ ඩොලර් අර්බුදය කඩදාසි ආනයනය අවමවීමට හේතුවී ඇති බවට ද වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සමන්ත ඉන්දීවරගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ පොත් මුද්‍රණයට ගන්නා කඩදාසි මිල සියයට 150 කින් පමණ වැඩිවී ඇති බවයි.
මෙලෙස කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන් පොත් මුද්‍රණයට දැඩි ලෙස බලපෑම් එල්ලවී ඇති බවත්, පොත් මිල වැඩිවීමේ අවදානමක් ඇති බවත් ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සමන්ත ඉන්දීවර පවසයි.