ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය රොට්රැක්ට් සමාජයීය විද්‍යාර්ථීන් විසින් සංවිධානය කළ “වැව් දියවර අස්වද්දන්නට” ව්‍යාපෘතිය ශ්‍රී ලාංකික ජල හා පාංශු උරුමය අවබෝධ කර ගනිමින් තිරසර වාරි පද්ධතිය සංරක්ෂණය යථාර්ථයක් බවට පත් කළ නවතම සංකල්පයකි. ජළ කළමනාකරණය යන්න ඉතා පුළුල් විෂය ක්ෂේත්රයක් වන අතර, මෙම ව්‍යාපෘතිය හුදෙක් ගොවීන්ගේ ආකල්පමය හා දැනුමට අදාළ වෙනස් කිරීම තුළින්, අපගේ අපේක්ෂිත ඉලක්කය මුදුන්පත් කර ගැනීම සඳහා අනුරාධපුර කටුමුළුගම ප්‍රදේශයේ වැව් පිරිසුදු කීරීම සඳහා සැලසුම් කරන ලද්දකි.
වැව් පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමට අදාළ ව්‍යාපෘතියේ අපේක්ෂා කරන අරමුණු ප්රශස්ත මට්ටමකින් ඉටු කර ගැනීම සඳහා ගොවි මහතුන්ගේ කාර්යක්ශම, නිවැරදි හා ඵලදායි දායකත්වය ලබා ගැනීමේ උත්සාහයක් ලෙස ගොවි මහත්වරුන් සඳහා වන සාම්ප්‍රදායික ක්‍රමයට කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ කෙසේද යන්න පිලිබඳව පුහුණුව සැලසුම් කොට ඇත.
මෙමගින් ජල මූලාශ්රයවල තිරසර පැවැත්ම තහවුරු වීම මෙන්ම ඒවායේ පෝෂක ප්‍රදේශ, ප්‍රභව ප්‍රදේශ හා රක්ෂිත ප්‍රදේශවල සිදුවන පරිසර දූෂණය අවම කිරීමත්, කුණු දැමීම ඉවත් කිරීම, අන්තරායකර රසායනික ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය මුදා හැරීම අවම කිරීම ද මූලිකවම සිදු කෙරේ.
ශ්‍රී ලංකාවේ විශාල ස්වාභාවික ජලාශ නොමැති වුවද විවිධ පරිමාණ නිර්මිත වැව් හා වාරි ඇළ පද්ධතියකට හිමිකම් කියනු ලබයි. සමහර වැව් මීට ශත වර්ෂ ගණනාවකට පෙර ඉදි කර ඇති අතර වර්තමාන තත්ත්වයට ප්‍රතිසංස්කරණය කර ඇත.
මේ වන විට වැව් 14,000 ක් පමණ වියළි කලාපීය ප්‍රදේශවල ව්‍යාප්තව ඇති අතර; වැව් දියවර අස්වද්දන්නට ආරම්භක අදියරේ දී අප කණ්ඩායම නොච්චියාගම, අනුරාධපුර ප්‍රදේශයේ වැව් සහ අනෙකුත් ජල මූලාශ්‍රය නිරීක්ෂණය කළ අතරම ප්‍රදේශවාසීන් සමඟ රැස්වීම් කිහිපයක් පවත්වන්නට ද කටයුතු කර ඇත.
ජලය ශ්‍රී ලංකාව සතු ප්‍රධානතම ස්වාභාවික සම්පතක් වන අතර එය අතීතයේ පටන්ම මෙරට ආර්ථික සංවර්ධනයට දායක වන ප්‍රධානතම සාධකයක් ද වේ. කෘෂිකාර්මික රටක් වූ ශ්‍රී ලංකාව අතීතයේ සිට අද දක්වාම විවිධාකාර වූ වාරි කර්මාන්ත තුළින් මෙරට කෘෂි ආර්ථිකයට ලබා දී ඇති දායකත්වය සුවිශේෂී එකකි. එකී අගය අප වටහා ගත් නිසාවෙන්ම මෙලෙස රැස්වීම් සැසී පවත්වමින් ජල සම්පතෙහි සිදුවන ජපන් ජබර (ජල හයසින්ත්) වර්ධනයෙන් තම ජීවිතයට සිදුවන අයහපත් බලපෑම් පිළිබඳව ගම්වැසියන් දැනුවත් කිරීම සහ ඒවායින් ජය ගන්නේ කෙසේද යන්න සාකච්ඡා කරයී.
සියලු දෙනාගේම දැඩි කැපවීම මත අතී සාර්ථකව අවසන් කළ වැව් දියවර අස්වද්දන්නට ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර කටුමුළුගම ගමේ පදිංචි ගම්වැසියන්ට තම දෛනික අවශ්‍යතා සඳහා පිරිසුදු ජලය පරිභෝජනය කිරීමට සහ මනා සනීපාරක්ෂාව පවත්වා ගැනීමට අවස්ථාවක් සැලසීමට කටයුතු සිදු වෙමින් පවතින අතර එය ව්‍යාපෘතියේ සඵලතාවය පිළිබඳ කදිම පෙර නිමිත්තකි.
ගම්වාසීන්ගේ සහයෝගය ද ඇතිව ජල මූලාශ්‍රය පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය සිදු කරන අතරතුර, පර්යේෂණ කණ්ඩායම කාබනික පොහොරක් ලෙස ජපන් ජබර භාවිත කිරීමේ හැකියාව ද අත්හදා බැලීමට කටයුතු කර ඇත. මේ අනුව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය තුළ දී ප්‍රදේශයේ ඇති ජල මූලාශ්‍රය වලින් ගත් ජපන් ජබර සාම්පල එක්රැස් කර පොහොරක් ලෙස ඒවායේ ගුණාත්මකභාවය පිරික්සීම සඳහා පරීක්ෂා සිදු කරන ලදී.
මීට පෙර ද මේ සම්බන්ධයෙන් සිදු කරන ලද අධ්‍යයනයන්හි දී ජපන් ජබරවල පෝෂ්‍ය පදාර්ථ සහ පස සඳහා විභව පොහොර අඩංගු බව සොයාගෙන ඇති බැවින් තල්ගස්වැව වැව පිරිසුදු කර එම අමුද්‍රව්‍ය යොදා ගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කර ගම්වාසීන්ගේ කෘෂිකාර්මික ජීවිතය පහසු කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ විය.
එම නිසා තල්ගස්වැව වැවෙන් එකතු කර ගන්නා ජපන් ජබර යොදා ගෙන ප්‍රමිතිගත ක්‍රමවලට අනුව කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට ප්‍රදේශවාසීන් සහ සම්පත් දායකයන් සමඟ උපාය මාර්ගයක් සැකසීම සිදු කෙරේ. මෙහිදී මූලික පියවර ලෙස වැව පවිත්‍ර කර සියලුම අපද්‍රව්‍ය ඉවත් කිරිම සිදු විය. දෙවනුව, හයසින්ත් කාබනික පොහොර සෑදීම සඳහා ඉවත් කරන ලද ජපන් ජබර භාවිත කරන ලදී.
මෙහිදී මෙම පොහොර සාදා ගන්නා ආකාරය පිළිබඳව සහ එහි ව්ද්‍යාත්මක පදනම පිළිබඳ පුළුල් විද්‍යාගාර පරීක්ෂණයක් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය සිව්වන වසර පරීක්ෂණ සිදු කරන සිසුවියක මඟින් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ මඟපෙන්වීම යටතේ සිදුකරන ලදී.
එමෙන්ම මේ වන විට එම පොහොර යොදාගෙන එම ගම්මානයේ ගොවීන් වගා කටයුතු කර ඇති අතර එමඟින් ඔවුන් සාර්ථක අස්වැන්නක් ද ලබා ගෙන ඇත.
අපි අපගේ ව්‍යාපෘතියේ පළමු හා දෙවන අදියර ඉහත පරිදි සාර්ථකව අවසන් කර ඇත. එනමුත් පරිසර හිතකාමී කාලීන ව්‍යාපෘතියක් වන මෙය සක්‍රීයව පවත්වාගැනීමට රොටරැක්ට් සමාජයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය ගම්වාසීන්ට මෙම ක්‍රියාවලිය ඉදිරියටම ගෙන යෑමට මඟපෙන්වීමක් වනු ඇත.