පාසල් පද්ධතියේ සිට ම ක්‍රීඩකයන්ගේ විනය හදන්න අවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
“ක්‍රීඩකයාගේ විනය ගැන කතාකරන විට එය ක්‍රීඩා කරන අවස්ථාවේදී, පුහුණුවීම් කරන අවස්ථාවේදි සහ ඔහුගේ පෞද්ගලික ජීවිතය තුළත් ඒ කැපකිරිම, විනය කියන කාරණය අපි ආරක්ෂා කරගත යුතුයි.
එය සෑදිය හැකි කාලය පාසල් මට්ටමේ සිටයි. විශේෂයෙන් පාසල් මට්ටමේ එය පහසු නැහැ.අපිත් එහෙමයි ඒ කාලේ. නමුත් ඒ කාලේ විනය හැදුණොත් ක්රීඩකායගේ අනාගතය ඉබේටම ගොඩනැඟෙනවා. ජාතික සංචිතවලට පැමිණි පසු ක්‍රීඩකයන්ගේ විනය සෑදීම එතරම් පහසු වෙන්නෙ නැහැ.“ යනුවෙන් ද අමාත්‍යවරයා සදහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන’ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන ගමන් මඟ’ වැඩසටහනේ එක් අදියරක් වන පාසල් ක්‍රිකට් නැංවීම සඳහා වන ක්‍රිකට් උපකරණ බෙදාදීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් පසුගියදා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.
ශ්‍රී ලංකාව තුළ සහජ දක්ෂතාවයන්ගෙන් යුතු සෑම ක්‍රීඩකයකුටම ජාතික කණ්ඩායමනියෝජනය කිරීමේ සමාන අවස්ථාව උදාකරලීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා ‘ජාතික සංවර්ධන ගමන් මඟ’ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ යටතේ කණිෂ්ඨ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙනඒම වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 13 න් පහළ සහ 15 න්පහළ බාළක වයස් කාණ්ඩ නියෝජනය කරනු ලබන පාසල් 650 ක් සඳහා ක්‍රිකට් ක්‍රීඩා උපකරණ බෙදාදීම සිදුකරනුඇත. එහි පළමු අදියර වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පාසල් 66 ක් සඳහා ක්‍රීඩා උපකරණ බෙදාදීම මෙහිදී සිදු කෙරිණ.
මෙම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයසඅවුරදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් ක්‍රීඩා කරන 50 කට ආසන්න පාසල්වලටද මෙම ක්‍රීඩා උපකරණ බෙදාදීමසිදුකරනු ඇත.
මෙම ක්‍රීඩා උපකරණ බෙදාදීමේ වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා දිස්ත්‍රික්ක මට්ටමින්සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. ක්‍රීඩා උපකරණ බෙදාදීමට අමතරව ග්‍රාමීය මට්ටමේ සිටක්රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල ඉදිරියේ දී ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පියවර ගනු ඇත.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වාත්තුහේවා ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ උප සභාපති රවීන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ප්‍රධාන විධායක ඇෂ්ලි ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.