Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වික්ටොරියා වෙල්ල සැදිමෙදි වුනු රසවත් සිදුවිම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මහින්ද රාජපක්ෂලාගේ පාලන සමයේ ඉදිවුණු නොරොච්චෝලේ විදුලි බලාගාරය හැමදාම නඩත්තු රටට බරක්වුන ඒක වගේද මේක අදටත් වැඩ ඔබ දන්නවාද?වික්ටොරියා වෙල්ල සැදිමෙදි වුනු රසවත් සිදුවිම්.

ලංකාවේ එවකට ජනාදිපති ජේ.ආර්’ජයවර්ධන මහතා මෙය ඉදිකිරිමට මූල්‍ය ආදාර හා තාක්‍ෂනික සහය ලබාගැනිමට සමත් විමනම් අපුරුම කතාවක්. එවකට ජනාධිපති වු ජයවර්ධන මහතා ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන විදුලිබල අමාතය ගාමිනි දිසානායක මහතා හා ලලිත් ඇතුලත් මුදලි මහතා සමග එක්සත් රාජ දානියට ගොස් දෙවන එලිසබත් රැජින හමුව කියා සිටිනවා ලංකාවේ හදන ලොකුම ජලාෂය හදන්න අපිට ණයක් දෙන්න කියලා.

එ අතරම ඔහු කියා සිටිනවා අපිට ණයක් දුන්නත් අපි මේක වික්ටෝ‍රියා යන නමින් නම් කරනවා කියලා. මෙතුමාගේ කපටි මොළයට හසු වු එලිසබත් රැජින කියනවා වික්ටෝ‍රියා රැජිනගේ නමින් නම් කරනවානම් අපි ණයක් නොව ආදාරයක් ලබා දෙනවා කියා. ඊට පසු ජයර්ධන මහතා කියා සිටිනවා ඔන්න ගාමිනි මගේ වැඩේනම් හරි ඉතිරි හරිය කරගන්න කියා. ඊලගට එලිසබත් රැජින පවසනවා දැන්මම ගිහින් අගමැති හම්බ වෙන්න කියා. ගාමිනි ගිහින් මාර්ගට් තැචර් හම්බ වෙන්න හැබැයි ගාමිනි එයානම් යකඩ ගැහැනියක් පරිස්සමින් පිලිතුරු දෙන්න.

ගාමිනි දිසානායක මහතා අගමැතිනිය හමු වෙන්නට යනවා එහිදි ඇය අහනවා අැයි මේ ජලාශය හදන්නේ කියා ගාමිනි දිසානායක මහතා පවසනවා ලංකාවේ පවතින දැවෙන ප්‍රශ්න 5ක් විසදන්නයි මෙක හදන්නේ කියා.පෙරලා අගමැතිනිය අසනවා මොනවද ලංකාවෙ තියෙන දැවෙන ප්‍රශ්න කියා. ගාමිනි දිසානායක මහතා පවසනවා වික්ටොරියා ජලාෂය හැදිමෙ අරමුනු ටික. එනම්

1.කෘෂිකාර්මික කටයුතු සදහා ජලය ගබඩා කර තබා ගැනිම​
2.ජල විදුලිය නිපදවිම​
3.වෙල්ලේ සිට ඉහල අයගේ ජල පරිබොජනය​
4.මිරිදිය ධිවන කර්මාන්තය​
5.ගංවතුර පාලනය​

පසුව ලංකාවට ආදාර ආදාර දිමට කැමැති වනවා . මෙහිදි ගාමිනි දිසානායක මහතා පවසනවා ආදාර වලින් පමනක් අපට මෙය ඉදිකිරිමට නොහැකියි කියා.

අපට තාක්‍ෂනික දැනුම සහිත ඉන්ජිනේරුවන් හිගයි එම නිසා එම දැනුම සහිත සමාගමකට මෙය බාරදෙන්න කියා.ගාමිනි දිසානායක මහතාගේ ගැටයට හසු වු අගමැතිනිය එය ඉදිකිරිමට එක්සත් රාජදානියේ සමාගමකට පවරනවා එනම් (සර් ඇලෙසැන්ඩ්‍ර ගිබ්ස් ඇන්ඩ් පාර්ට්නර්ස්) කියන සමාගමට මෙය පවරනවා.

Scroll to Top