පළමු වරට පැවැත්වෙන ලෙජන්ඩ්ස් ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඒසියා ලයන්ස් කණ්ඩායම සහ වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම අතර ඕමානයේ අල් අමරට් ක්රීඩාංගණයේදී අද (29) රාත්රී 8.00ට පැවැත්වේ.
ඒසියා ලයන්ස් කණ්ඩායමේ නායක මිස්බා උල් හක් විසින්ද වර්ල්ඞ් ජයන්ට්ස් කණ්ඩායම නායක ඩැරන් සැමී විසින්ද මෙහෙයවනු ලබති.
ලෙජන්ඞ්ස් ලීග් ක්රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් තුනක් සහභාගි වූ අතර එහිදී ඉන්දීය මහරාජාස් කණ්ඩායම තරග තුනක් පරාජය වීම හේතුවෙන් අවසන් මහ තරගය සඳහා වරම් ලැබීමට අපොහොසත් වූයේය.
තරගාවලියේ මේ වන විට වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ ඒසියා ලයන්ස් කණ්ඩායමේ උපුල් තරංග රැඳී සිටින අතර ඔහු තරග 4කදී ලකුණු 223ක් ලබා ගෙන තිබේ.
තරගාවලියේ වැඩිම කඩුලූ ලාභීන් අතර තුන්වන ස්ථානය ඒසියා ලයන්ස් කණ්ඩායමේ නුවන් කුලසේකරට හිමි වී ඇති අතර ඔහු තරග 4 කදී කඩුලූ 5 ක් දවාගෙන තිබේ.