Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජිවත් විමට ඉඩදෙනු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජිවත්විමට ඉඩදෙනු යන මැයෙන් ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සමාජිකයන් අත්පත්‍රිකා බෙදා දෙමින් වතුකරයේ ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් හැටන් නගරයේදි සිදු කෙරිණ.

බඩු මිල අඩු කිරිම , වතු කම්කරුවන්ගේ රු දහසේ වැටුප කප්පාදු නොකර ලබාදිමට මැදිහත් විම , වතු කම්කරුවන්ගේ ශ්‍රමය තුට්ටු දෙකට කොල්ලකැමට ඉඩ ලබානොදිම යන මැයෙන් ජනතාව දැනුවත් කිරිමට පියවර ගැණින.

හැටන් බස් නැවතුම්පොලට පිවිසි සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිඩ්නන් සෙල්වරාජ් , එම සංගමයේ ලේකම් ජේ.එම්.පේමරත්න යන අය විසින් මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ රටේ පවතින ජිවන වියදම අනුව ජනතාව පිඩාවට පත් වි ඇති බවත්,  ඒ අතරින් වතු කම්කරුවන්ද පිඩාවට පත් වි ඇති බවයි.

රජය කඩිනමින් රටේ සමස්ත ජනතාවට සහන සැලසිමට පියවර ගත යුතු බවද එම සංගමයේ සමාජිකයන් කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top