Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොරෝනා රෝගී ගැබිනියන්ගේ වැඩිවීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන්ගේ ඉහළ යාමක් යළිත් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති, නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය සනත් ලැනරෝල් මහතා පැවසීය.

පසුගිය කාලයේ කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන්ගේ අඩුවක් දක්නට ලැබුණු අතර එම කාලයේදී සතියකට වාර්තා වූයේ කෝවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන් එක් අයකු හෝ දෙදෙනකු වැනි සංඛ්‍යාවක් බව වෛද්‍යවරයා සඳහන් කළේය. මේ වන විට එම සංඛ්‍යාව සතියකට 5ක් 6ක් දක්වා ඉහළ ගොස් ඇතැයි හෙතෙම කීවේය.

එබැවින් පිරිස් ඒකරාශී වන ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙසත්, සාද හා නිවාඩු නිකේතනවලට නොයන ලෙසත් ගර්භණී කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින බව වෛද්‍යවරයා පැවසීය.

Scroll to Top