Aboutceylon Online

74 වන ජාතික නිදහස් දින උත්සවයට සමගාමිව රුක් රෝපණ වැඩසටනක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එළඹෙන 74 වන ජාතික නිදහස් දින උත්සවයට සමගාමිව හැටන් පොලිස් කොට්ඨාශ බල ප්‍රදේශය තුල පැළ 25400 ක් රෝපණය කිරිමේ වැඩසටහනක් හැටන් ජෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ටැඩන් වත්ත ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණ.

හැටන් පොලිස් කොට්ඨාශය තුල පිහිටි හැටන් , නොර්වුඩ් , බගවන්තලාව , මස්කෙලිය , නල්ලතන්නිය , වටවල , ගිනිගත්හේන , පොල්පිටිය , නෝටන්බ්‍රිජ් යන පොලිස් ස්ථාන 09 අවරණය වන පරිදි පළතුරු පැළ සහ ඉතා වටිනා පැළ මෙම වැඩසටහනට සමගාමිව රෝපණය කෙරිණ.

වතු සමාගම් , පාසල් ළමුන් , ප්‍රජා සංවිධාන , සිවිල් ආරක්ෂක කමිටු සමාජිකයන් , ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව එක් කර ගනිමින් පොලිස් ස්ථාන 09 බල ප්‍රදේශවල ප්‍රධාන මාර්ග වල සහ අතුරු මාර්ග වල මෙම රුක් රෝපණ වැඩසටහන දියත් කරන බවයි හැටන් ජෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතා කියා සිටියේ.

රෝපණය කරන ලද සැම පැළයක්ම වැඩෙන තෙක් පොලිස් නිලධාරින් විසින් අධික්ෂණය කරනු ලබන අතර , ඒ සදහා තේ වතුවල පාලන අධිකාරියෙන්ද සහය ලැබෙන බවයි ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.

රුක් රෝපණ වැඩසටහන දියත් කිරිමේ අවස්තාවට හැටන් සහකාර පොලිස් අධිකාරි එස්.ඩි.එම්.ෆාරුක් ,හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන , ෂැනන් වතු යායේ වතු අධිකාරිවරයා සහ සහකාර වතු අධිකාරි එස්.චන්ද්‍රකුමාර් යන මහතුන් ඇතුළු හැටන් පොලිස් ස්ථානයේ නිලධාරින් රැසක් සහභාගි විය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top