හැටන් දික්ඔය සලංකන්ද සිට හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයින් රැගෙන ධාවනය වු බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 පමණ ප්‍රපාතයෙන් පිහිටි ඇළ මාර්ගයකට පෙරලිමෙන් බස් රථයේ ගමන් ගත් එක් අයෙකු ජිවිතක්ෂයට පත් වි දහසය දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට (28) දින ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.
(28) දින උදැසන 6.30 පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ සලංකන්ද හැටන් ප්‍රධාන මාර්ගයේ බටර්ගල වත්ත ප්‍රදේශයේදිය.
අධික වේගයෙන් ධාවනය වි ඇති බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව ප්‍රපාතයට පෙරලි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය සැකකරයි.
බස් රථයේ රියදුරාද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් , රෝහල්ගත කල සෙසු තුවාල කරුවන්ගේ තත්ත්වය තරමක් බරපතල බවයි හැටන් පොලිසිය කියා සිටියේ.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ එම පෞද්ගලික ආයතනයේ සේවය කරන සේවකයෙකු බවයි හැටන් පොලිසිය කියා සිටියේ.
හැටන් – රංජිත් රාජපක්ෂ