Aboutceylon Online

IDH රෝහලේ කොවිඩ් ලෙඩ්ඩු සියයට 50 කින් ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොළඹ IDH රෝහලේ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 50% කින් පමණ ඉහළ ගොස් තිබේ.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසුවේ, දැඩි සත්කාර ඒකකවල රෝගීන් සංඛ්‍යාව ද උපරිම මට්ටමට ළඟා වී ඇති බවයි.

යළිත් කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක් පවතින බැවින් පසු ගිය සතියට සාපේක්ෂව ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේ ය.

මේ අතර පසුගිය දින 6 තුළම මෙට දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තා වූයේ 800 සීමාව ඉකමවමිනි.

ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 891 දෙනෙකු මෙරටින් හදුනා ගැනුණි.

Scroll to Top