සිමෙන්ති බෙදාහරින ඇතැමුන් සිමෙන්ති හිගයක් මවා පා වැඩි මිලට අලෙවිකර ජනතා මුදල් කොල්ලකෑමේ ජාවාරමක යෙදී සිටින බවට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා චෝදනා කරයි.
මෙවැනි පුද්ගලයින් සොයා වැටලීම් සිදුකර නඩු පවරා බලපත්‍ර අහිමි කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.