Aboutceylon Online

පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමග පැය 08ක පමණ විදුලි කප්පාදුවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමග පැය 08 පමණ විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව මහනුවර දිස්ත්‍රික් පා.ම මයන්ත දිසානායක මහතා අවධාරණය කරයි.

පවතින වියළි කාලගුණයත් සමග ප්‍රධාන ජලාශවල ජල මට්ටම පහල බැසිමත් සමග ඉදිරි දින කිහිපය තුලදි දිනකට පැය 08 පමණ කාලයත් විදුලි කප්පාදුක් මෙරට තුල සිදු විය හැකි බව මහනුවර දිස්ත්‍රික් ජාතික සමගි ජන බලවේග පා.ම මයන්ත දිසානායක මහතා පැවසිය.

මයන්ත දිසානායක මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසනයේ ආසන බල මණ්ඩල රැස්විම  නාවලපිටිය නගරයේ උත්සව ශාලාවක පැවති අවස්තාවේ එම රැස්විමට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.

නාවලපිටිය ආසනයේ සමගි ජනබලවේගයේ ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා විසින් මෙම ආසල බල මණ්ඩලය රැස්විම සංවිධානය කර තිබුණි.

මෙහිදි වැඩි දුරටත් මාධ්‍යට අදහස් දැක් වු මයන්ත දිසානායක මහතා කියා සිටියේ වත්මන් රජයේ නොහැකියාව හමුවේ රටේ ජනතාව පිඩාවට පත් වි ඇති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දුර කාලය සහ වත්මන් රජයේ පාලන කාලය වසර දෙකකින් දිර්ඝ කර ගැනිම සම්බන්ධයෙන් අදහස් පල වුවද අපේ රටේ පවතින ව්‍යාවස්ථාව අනුව එය සිදු කල නොහැකි බවත්, එසේ සිදු කරන්නේ නම් ඒ සදහා ජන මත විචාරණයක් පැවැත්විය යුතු බවත්, ජන මත විචාරණයක් පැවැත් වුවහොත් මේ රටේ ජනතාව කිසිසේත් ඒ සදහා බලයක් ලබානොදන බවද මයන්ත දිසානායක මහතා වැඩි දුරටත් පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top